Tuesday, January 14, 2014

විදේශ රටවල ඉන්න මගේ යාලුවන්ට පුංචි ආරාධනාවක්...

මම දන්නවා මගේ බ්ලොග් එක කියවන පුංචි යාලුවෝ රට රටවල් වල ඉන්නවා. ඉතින් ඔයාලා එක්ක ටිකක් කතාබහ කරලා දොඩමලු වෙන්න ඕන නිසා මයි මම මේ විදිහේ බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තේ. මොකද අපේ පංතියේ ලමයි අතරිනුත් ගොඩාක් අය පුංචි ම කාලේ රටවල්වලට ගියා එයාලගේ අම්මලා තාත්තාලා එහේ රස්සාව කරන නිසා. අපේ ඉස්කෝලෙන් අයින් කරගෙන එහෙ ගියේ. ඒ වගේ රටවල්වලට ගිහිල්ලා සීතලේ ගැහී ගැහී එහේ ඉස්කෝලවලට යන එක මම දන්නේ නැහැ අපි මෙහේ පාසැල් යන එක තරම් ම සුන්දර අත්දැකීමක්ද කියලා. අපේ වගේ රටවල පහසුකම් අඩු ඇති. පිටරටවල පහසුකම් වැඩි ඇති. නමුත් මම දන්නේ නැහැ මෙහේ තියෙනවා වගේ සුන්දර අත්දැකීම් පිටරටවලදී අපේ යාලුවන්ට ලැබෙනවද කියලා. මම දන්නවා අපේ පුංචි යාලුවන්ගේ අම්මලා තාත්තාලා අක්කලා අය්යලා ගොඩාක් දෙනෙක් ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව, ජර්මනිය, එංගලන්තය, ස්වීඩනය වගේ රටවල්වල පදිංචි වෙලා එහෙ ජීවත් වෙනවා. සමහරු ඒ රටවල පුරවැසිකමත් ලබලා ජීවත් වෙනවා. සමහරු එහෙ රටවල කාන්තාවන් පිරිමින් සමඟ විවාහ වෙලා පුරවැසිකම ලබලා. තවත් සමහරුන්ගේ දෙම්පියන් දරුවන් ලැබෙන් ලංවේද්දී පිටරවලට අරගෙන ගිහිල්ලා එහෙදී ඉපදුන නිසා පුරවැසිකම උපතින්ම හිමි වෙලා. ඒ වගේ දේවල් නිසා අපේ ලස්සන පුංචි රට අපේ ලංකාව දාලා ගිහිල්ලා විදේශ රටවලට වෙලා ඉන්න අපේ අය මේ මම ලියන කියන දේවල් කියවන බව මම හොඳින්ම දන්නවා. අනේ ඉතින් ඔයාලාවත් මා එක්ක සිංහලෙන් බැරි නම් ඉංග්‍රීසියෙන්වත් අදහසක් දෙකක් හුවමාරු කර ගන්නවා නම් මම හරිම කැමතියි.

කොච්චර පුංචි ලමයෙක් වුනත් හරි දේවල් පමණක්ම කරන්න...

අපේ රට පුංචි රටක් ඉතින් අපේ රටේ ඉන්න අපි හැමෝම ජාති ආගම් වර්ග වශයෙන් බෙදෙන්නේ නැතුව එකම පවුලක් වගේ කටයුතු කළ යුතුයි. අද හැම තැනම තියෙන්නේ මිනිස්සු බෙදා වෙන් කරලා තරහා ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රොධය ඇති කරලා මිනිස්සු එක එක්කෙනා දිහා සැකයෙන් බලන්න උගන්වන සමාජ ක්‍රමයක්. මම හිතන්නේ මම කැමති නැහැ මේ සමාජ ක්‍රමය මේ විදිහටම යන එකට. මම හිතන්නේ මේක ස්වභාවික නැහැ. මොකද හැමෝම කැමතියි ලස්සනට ජීවත් වෙන්න. ලස්සනට ජීවත් වෙන්න මිනිස්සු කොච්චර මහන්සි වෙනවද? මමත් පුංචි ලමයෙක් වුනත් කැමති ලස්සනට ජීවත් වෙන්න. මම කැමති නැහැ මිනිස්සු වෛරයෙන් ක්‍රෝධයෙන් පිරිලා එකිනෙවා ඇණ කොටා ගන්නවාට කළකෝලාහල කර ගන්නවට. නමුත් අපි අතර ඉන්නවා එහෙම අපිව නොමඟට යොමු කරවාගෙන ඒ අයගේ ලාභ වාසි තරකර ගැනීමට කටයුතු කරන ආත්මාර්ථකාමී අය. එහෙම අයට පහසුවෙන් ගොදුරු වෙන්න එපා කියලා පුංචි කෙල්ලෙක් විදිහට මම ඔයාලාගෙන් ඉතාම ආදරයෙන් ඉල්ලා හිටින්න කැමතියි. මොකද අපි කවුරුහරි එහෙම කලොත් ඒක අපේ පිටටම ආයෙමත් සැරයක් කැරකිලා එනවාමයි. මොකද කර්ම විපාකය කියන්නේ ඒ වගේ බොහෝම බලවත් දෙයක්. අපි යමක් අනුන්ට කරනවා නම් අපි මුලින්ම හිතන්න ඕනේ කවුුරු හරි ඒ වගේ දෙයක් අපිට කරවාට කැමතිද කියලා. මම දන්නවා වැඩිහිටි අය නම් මේවා ගැන හිතන්නේ මතන්නේ නැහැ එතරම්. නමුත් මම පුංචි ඔයාගෙන් ඉල්ලා සිටින්නේ කවදාවත්ම පුංචි ඔයාලා නම් ඒ වගේ කුරිරු අදහස් පාපකාරී අදහස් ඔලුවට වත් හිතට වත් ගන්න යන්න එපා. මොකද මේවා කරන්නේ ස්වාමීන් වහන්සේලා වෙන්න පුලුවන් නැතිනම් ගිහි අය වෙන්න පුලුවන්. කොහොම වුනත් මේ අය ගැන අපි හිතා ගන්න ඕන මුලින් කියපු ආකාරයට කටයුතු කිරීම දෙස බලලායි. එහෙම නැතුව එයාලා ඇඳගෙන ඉන්න ඇඳුම් පැළඳුම් දිහා බලලා එයාලා කටයුතු ආකාරය තේරුම් ගැනීමට යාම වැරදියි. ලොකුවට සුදු ඇඳුම් ඇඳගෙන විවිධ අකටයුතුකම් වල යෙදෙන අය කොච්චර නම් ඉන්නවාද? මම එහෙම කිව්වේ සුදු ඇඳුමට තියෙන අගෞරවයකට එහෙම නෙවෙයි. මොකද කපටි අය ඇඳුමට මුවා වෙලා කරන නරක වැඩ වලින් සමාජය බේර ගන්න ඕන නිසායි. මම පුංචි කෙල්ලෙක් නිසා මගේ අතින් වැරදි දෙයක් කිය වෙලා නම් මට සමාවෙන්න. මගේ අතින් කියවෙලා තියෙන හරි දේවල් අනුව කටයුතු කරන්න වෙහෙස ගන්න කියලා මම පුංචි ඔයාලෙන් ඉතාම ආදරයෙන් ඉල්ලා හිටිනවා.

අනේ මගේ බ්ලොග් එකට ඇවිල්ලා මොනවා හරි කියලා යනකල් මම බලාන ඉන්නවා...

අනේ මගේ බ්ලොග් එකට ඇවිල්ලා කමෙන්ට් එකක් දාලා යන්න කෝ.. කොයි තරම් කිව්වත් අහන කෙනෙක් නැහැනේ. ඇයි මෙහෙම ඔයාලා මට කරන්නේ. මම ඔයාලට වැරදි කරලා නැහැ. අනික මම මගේ බ්ලොග් එකෙන් අනුන්ගේ ඕපාදූප කතා කරන්නේ නැහැ. අනික මගේ දේවල් ගොසිප් වගේ දේවල් කියලා ඔයාලගේ මොලේ කොලොප්පම් කරන්නෙත් නැහැ. මම වගේ පුංචි අහිංසක කෙල්ලෙක් මොනවා කරන්නද? ඔයාලා වගේ බ්ලොග් ලෝකේ දැවැන්ත චරිත එක්කලා මම වගේ පුංචි අහිංසක කෙල්ලෙකුට කවදාවත් හැප්පෙන්න බැහැ. ඒ බව මම හොඳටම දන්නවා. මම මේ මගේ පුංචි බ්ලොග් එක පටන් ගත්තේ ලොකු කමකට නෙවෙයි. මට ගෙදර පාලුවේ තනියම ඉද්දී දැනෙන පාලුව තනිකම වෙහෙස දුරු කරගන්න. පාඩම් කරද්දී ලොකු තනිකමක් පාලුවක් වෙහෙසක් දැනෙනවා. ඒක හිතේ තියාගෙන පරිගණකය ඉදිරිපිට මම මෙහෙම වාඩි වෙලා උදේ ඉදන් මේ වෙනකල් ලිපි ලියනවා. මාව බලන්න එයි කියලා ඔයාලා ගැන විශ්වාසය තියාගෙන මෙහෙම මම ලියන්නේ. ඔයාලා ගැන විශ්වාසයක් මගේ හිතේ නොතිබුණා නම් මම මෙහෙම ඔයාලට මාව බලන්න කතා කරන්නේ නැහැ කවදාවත්ම. අනේ ඒ මගේ විශ්වාසය ආරක්ෂා කරලා දෙන්න මාව බලන්න නිතර නිතර මගේ බ්ලොග් ලිපි බලන්න මගේ බ්ලොග් එකට ගොඩවැදෙන්න කියලා මගේ ආදරණීය අක්කිලාගෙන් නංගිලාගෙන් මල්ලිලාගෙන් හා අය්යලාගෙන් මම ඉතාම ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඔයාලා මම වගේ පුංචි නංගියෙකුගේ හිත රිද්දන එකක් නැහැ කියලා මම හිතාන ඉන්නවා. අනේ එන්න හොඳේ. මම මඟ බලාන ඉන්නවා. මම හරිම ආසයි මගේ බ්ලොග් එකේ ඉස්සර ඉස්සර වෙලාම කමෙන්ට් එකක් දාන්නේ අක්කි කෙනෙකුද එහෙම නැතිනම් නංගි කෙනෙකුට එහෙම නැතිනම් මල්ලි කෙනෙකුද එහෙම නැතිනම් අය්යා කෙනෙකුද කියලා දැන ගන්න. අනේ එන්න හොඳේ. ඔයාලා සේරටම මම ආදරයෙන් ආරාධනා කරනවා.

කෝ තවම නෑනේ ඔයාලා මගේ බ්ලොග් එකට කමෙන්ට් එකක් දාන්න එනකල් මම මඟ බලන් ඉන්නවා....

අනේ කමෙන්ට් එකක් දාන්න අනේ. මම තවම බලාගෙන ඉන්නවා. තවම එකක්වත් වැටුනේ නම් නැහැ. බලනවා කියලා පෙනෙනවා මගේ බ්ලොග් එකේ කවුන්ටර්ස් වලින් මට පේනවා ඔයාලා එක එක රටවල් වලින් ඇවිල්ලා මගේ බ්ලොග් එක කියවනවා කියලා. අනේ කෝ ඒත් තවම එක්කෙනෙක් වත් ඇවිල්ලා කමෙන්ට් කරලා නැහැ. ඇයි එහෙම කරන්නේ. මට සිංහලනේම කියන්න ඕන නැහැ. ඔයාලට කැමති නම් සිංහලෙන්, ඉංග්‍රීසියෙන්, දෙමළෙන් වුනත් කමෙන්ට් කරන්න. මම අමාරුවෙන් ඩික්ෂනරියක් හොයාගෙන ඇවිල්ලා හරි එකේ තේරුම බලලා උත්තර දෙන්නම්. අනේ ප්ලීස් මම ආයෙමත් කියන්නේ නැහැ. ඔයාලා ඇවිල්ලා මාව බලලා මගේ එක්ක කතාබහ කරනවා කියලා මට දැනෙන්නේ ඔයාලා මට කමෙන්ට් කරලා තිබ්බොත් විතරමයිනේ. එකයිනේ රත්තරනේ මම කියන්නේ මට කමෙන්ට් එකක් දාන්න කියලා. ඇයි මේ තරම් මම පින්සෙණ්ඩු වෙලත් ඔයාලා මට කමෙන්ට් දාන්න ඔච්චර ලෝබ මොකද කමෙන්ට් දැම්මා කියලා කවුරුහරි ඔයාලගෙන් වැඩිපුර සල්ලි ඉල්ලනවාද? ඔයාලා ඉන්ටනෙට් එකේ කොච්චර දේවල් බලනවාද? කොච්චර වැඩක්ම වැති බ්ලොග් වලට ගිහිල්ලා කාලය කා දමනවාද? ඒවායේ තියෙන පල් හෑලි ඕපා දූප කොච්චර ඔයාලා කියව කියවා ඉන්නවාද? බලන්න ඒවාවල තියෙන මඩ ගැහිලි ඕපාදූප කිසිම දෙයක් මගේ බ්ලොග් එකේ නැහැනේ. මම හරිම අහිංසක පුංචි කෙල්ලෙක් විතරමයි. ඇයි එහෙම එකේ මගේ බ්ලොග් එකට ඇවිල්ලා කමෙන්ට් එකක් දාලා යන්න ඔය තරමට ඔයාලා ලෝබ කරන්නේ. අනේ එන්න අනේ ඇවිල්ලා කමෙන්ට් එකක් දාලා යන්නකෝ...

අනේ මගේ බ්ලොග් එකට කමෙන්ට් එකක් දාන්නකෝ....

කෝ... තවම එක්කෙනෙක් වත් මේක බලලා මට කමෙන්ට් කරලා නැහැ. එහෙම කරන්න එපා මගේ දෙය්යෝ. මමත් ආසයි මගේ බ්ලොග් එකට ඔයාගේ ඔය රත්තරන් අතින් කමෙන්ට් දානවාට අනේ. එහෙම කරන්නකෝ. කෝ... කවුරුවත් තවම දාලා නැහැ. මට හරිම දුකයි. එහෙම කරන්න එපා. එන්න ඇවිල්ලා බලලා කමෙන්ට් කරලා යන්නකෝ... මම පුංචි නිසාද මෙහෙම කරන්නේ. අනේ එහෙම කරන්න එපා. මම පව්නේ. ඔයාලටත් මම වගේ පුංචි නංගිලා ඇතිනේ. ඒක නිසා මගේ හිත සතුටු වෙන්න වත් අඩුම ගානේ එකම එක කමෙන්ට් එකක්වත් දාලා යන්නකෝ. මම දන්නවා මම ලියන දේවල් සත පහකට වැඩක් නැතුව ඇති. මාව මහ වදයක් වෙලා ඇති ඔයාලට දැන් නම් ඉතින්. ඒත් අනේ මගේ හිත හැදෙන්නවත් පුංචි කමෙන්ට් එකක් දාලා යන්න බැරිද? මම දන්නවා මම ලියන දේවල් කමකට නැහැ කියලා. අනේ ඒත් මම ආසයි අනිත් නංගිලා අක්කිලා ලියන බ්ලොග්වලට කමෙන්ට් දාගන්නවා වගේ මගේ බ්ලොග් එකටත් කවුරු හරි කමෙන්ට් එකක් දානවා නම්. කවුරුවත් කමෙන්ට් දාන්න එන්නේ නැහැ කියලා කියන්නේ මට මාර කම්මැලියි. මට එතකොට හිතෙනවා මේවා ලියන එක නතර කරලා දාලා මගේ පොතපතේ වැඩක් කර ගෙන ඉන්න. අනේ මම දන්නවා ඔයාලා මගේ ලිපි කියවලා බලන්න මගේ බ්ලොග් එකට එනවා කියලා. ඉතින් එහෙම එකේ ඔයාලා මම කියන දේවල් අහයි කියලා මට විශ්වාසයි. අනේ මේ පුංචි නංගියාගේ හිත හැඳෙන්න එකම එක කමෙන්ට් එකක් වත් දාන්න මගේ රත්තරන් නංගියෝ. අනේ අක්කේ. අනේ මල්ලි අනේ අය්යේ එහෙම කමෙන්ට් එක්ක දාන්නකෝ...

අනේ මාව බලන්න එන්නකෝ අනේ..

අනේ එන්න අය්යෝ මගේ බ්ලොග් එකටත් ඇවිල්ලා ලිපි කියවලා කමෙන්ට් කරලා යන්න මගේ දෙය්යෝ. ඔයාලා හරි ම නරකයි. ඇයි මගේ දෙය්යෝ මගේ බ්ලොග් එක පැත්ත පළාතේ එන්නේ නැත්තේ. මම කොච්චර ආසාවෙන් බලාගෙන ඉන්නවද මගේ බ්ලොග් එකට වැටෙන මුල්ම කමෙන්ට් එක ඔයාගෙන් ලබා ගන්න. ඔන්න මම ආසාවෙන් බලාගෙන ඉන්නේ. එන්න හොඳද? නැතිනම් මම තරහම තරහයි ඔයාලා එක්ක. ඔයාලා ඒ කියන්නේ මාව සත පහකට ගණන් ගන්නේ නැහැ කියලා නේද? මේ පුංචි කෙල්ල දන්නේ මොනවද නේද? මම ඔයාලා තරම් නම් උගත් නැහැ තමයි. මම තවම පුංචි කෙල්ලෙක් නේ. ඉතින් ලොකු වුනහම තව දුරටත් ඉගෙන ගත්තාම ඔයාලට ගැලෙපෙන ලොකු ලොකු අදහස් දාලා පුංචි  ලිපි ලියන්න පුලුවන් වේවි. මට පුලුවන් තරමට තමයි අක්කේ නංගියේ අය්යේ මල්ලියේ මේ ලියන්නේ. අනේ ඇයි ඔයාලා බලන්නවත් එන්නේ නැත්තේ. සමහර වෙලාවලට බලන්න නම් එනවා ඇති. ඒත් බලලා හොරෙන්ම යනවා ඇති. අනේ එහෙම කරන්න එපා අනේ. මමත් කැමතියි මගේ බ්ලොග් එකේ නංගි කෙනෙකුගේ හරි අක්කි කෙනෙකුගේ හරි මල්ලියෙකුගේ හරි අය්යෙකුගේ හරි අදහසක් දාලා යනවා නම්. මොකද එතකොට තමයි මට ලියන්න උනන්දු හිතෙන්නේ. එහෙම නැතුව ඔයාලා එන්නේම නැතුව බලන්නේ නැතුව කමෙන්ට් දාන්නේ නැතුව ඉන්නවා නම් මට තව දුරටත් මෙහෙම ලියන්න හිතෙන එකකුත් නැහැ. අනේ නැහැ එහෙම කිව්වා කියලා මම නම් කවමදාවත්ම ඔයාලාම අමතකර කරන්නේ නැහැ හොඳේ. අනේ මගේ බ්ලොග් එකට ඇවිල්ලා කමෙන්ට් එකක් දාලා යන්නකෝ අනේ...

අනේ මගේ බ්ලොග් ලිපියත් කියවලා කමෙන්ට් එකක් දාන්න අය්යෝ....

අය්යෝ අදත් ආසාවෙන් බ්ලොග් එක දිග ඇරලා බැලුවා කවුරු හරි මට කමෙන්ට් කරලා ද කියලා බලන්න කෝ කවුරුවත්ම මට කමෙන්ට් කරලා නැහැනේ. හරිම කම්මැලියි. ඇයි මම ලියන බ්ලොග් ලිපි හරි නැද්ද? බලන්න ආසා හිතෙන්නේ නැද්ද? ඇයි බ්ලොග් ලිිපි කියවන්නේ නැද්ද? මගේ යාලුවෝ ගණන නම් වැඩි වෙනවා කියලා මට පේන්න තියෙනවා.ඒ වුනාට කමෙන්ට් දාන්නේ නැත්තේ ඇයි? මොකක්ද ඔයාලා දකින මගේ තියෙන අඩුපාඩුකම. මගේ ඔයාලා දකින එහෙම අඩුපාඩුවක් තියේ නම් කමෙන්ට් කරලා ඒ ගැන ඔයාලා හිතන අදහස මට දැනගන්න ඉඩ දෙන්නේ නැත්තේ ඇයි? ඔයාලා අසරණ අහිංසක මාව ගණන් ගන්නේ නැහැ බ්ලොග් ලෝකේ එහෙම නේද? මම බ්ලොග් ලෝකයට දැවැන්තයෙක් නෙවෙයි. බොහෝම පුංචි චරිතයක්. මම හරිම ආසයි කවුරු හරි පුංචි අදහසක් ලියලා මාව ධෛර්යමත් කරනවා නම්. නමුත් තවම කව්රුවත් මාව ධෛර්යමත් කරන්න පුංචිම පුංචි කමෙන්ටුවක් වත් දාලා නැහැ. මට හරියට දුක හිතෙනවා. මම උදෙන්ම හැමදාම බ්ලොග් එකට ඇවිල්ලා බලන්නේ කව්රුහරි මේකට කමෙන්ට් එකක් දාලා ඇතැයි කියලා හිතලයි. නමුත් මේ විදිහට කවුරුවත් ම බ්ලොග් එක පැත්ත පලාතේ ආවේ නැහැ නියලා දැක්කම මට හරියට දුක හිතුනා. ඇයි ඔයාලා ඔහොම මට කරන්නේ. මගේ තියෙන මොන අඩුපාඩුකමකට ද කියලා මට කියලා දෙන්න. වැරැද්දක් තියේ නම් අඩුපාඩු හදාගන්න කියලා දෙන්න එපෑයෑ. නැතිව මුකුත් නොකියා හිිටියම මම වැරදි අඩුපාඩු හදා ගන්නේ කොහොමද? අනේ මගේ බ්ලොග් එකට ඇවිල්ලා මේවා කියවලා බලලා කමෙන්ට් එකක් දාන්න හොඳ නංගිලා අක්කලා මල්ලිලා අය්යලා වගේ. එහමෙ කරලා මාව ධෛර්යමත් කරන්න.. එන්න හොඳේ..මම බලාගෙන ඉන්නවා.